About Me

header ads

පසු ගිය කාලයෙන් (1990-2010) (ලිපිය 1 -II) සොදුරු ලොව අදුරු පැතිකඩවල්...
👁️‍🗨️ DEEP_WED සහ DARK_WED 👁️‍🗨️

Red Rooms (II)


" රෙඩ් රූම්ස් එහෙමත් නැත්නම් රතු කාමර. මේක තමයි Deep Web / Dark Web වල තියන දරුණුම දේ. අපි මේ ඉන්න සර්ෆ් වෙබ් එකේ Red Rooms ගැන තියන හැම වීඩියෝ එකක්ම පටන් ගන්න කලින් පොඩි වෝර්නින්ග් එකක් යනවා මෙහෙම... "බැරි වෙලාවත් මේ කියන සමානකම් තියන වෙබ්සයිට් එකකට නොදැනුවත්ම හරි ඔබ ඇතුල් වනවානම් වහාම ඉවත්වන්න" කියල... Deep Web දැනුවත්ව හරි නොදැනුවත්ව හරි මේ සයිට් එකකට ඇතුල් වනවානම් වොර්නින්ග් එකක් එනව "සාදරයෙන් පිළිගන්නවා. හැබැයි ආයිත් යන්නනම් බෑ. එනවනම් දෙපාරක් හිතන්න" කියල. මේව ලයිව් ස්ට්‍රීම් සයිට්ස් වගේම තමයි වීඩියෝස් තියන සයිට්ස්.මේවට ඇතුල් වෙන්නම් නම් සිකුරුටි ස්ටෙප්ස් ගණනාවකට මුහුණදෙන්න වෙනවා. ඒ වගේම චයිල්ඩ් පෝර්න් වල වගේම හැමදේටම ලොකු ගාණක් බිට් කොයින්ස් වලින් ගෙවන්න වෙනවා. මේ සයිට්ස් වල තියෙන්නෙ ඇත්තටම සිදුකරන මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ,මිනීමස් කෑමට සකසාගන්නා ආකාරය වගේම අමානුෂික විදියට දූෂනය කරන හැටි තියන වීඩියෝස් වගේම සජීවී දර්ශණ. හරියටම කිව්වොත් Red Rooms කියන්නෙ මන්දමානසිකයින්ට ෆුල් පැකේජ් එකක්. Red Rooms කියන්නෙ මේ සයිට්ස් වලට පොදුවේ කියන නමක් මිසක් මේ සයිට් වල නමක් නෙමෙයි. මේ සයිට්ස් කරන්නෙ හැකර්ස්ලා.

බාහිර ලෝකය එක්ක ගණුදෙනුවක් නැති කොම්පියුටරේකට මුලු ජීවිත කාලෙම නාස්තිකරගෙන, මනස විකෘති වුන පිරිසක් තමයි මේ සයිට්ස් කරන්නෙ. මම කලින් කියපු අනිත් දෙවල් කරනේනෙත් මේ වගේ එවුන් තමයි. ඒත් මේකේ තියන භයානකම දේ තමයි අද වෙනකන් මේ කිසිම සයිට් එකක් හරි කරන එකෙක්ව හරි අල්ලගන්න පුලුවන් වෙලා නැති එකයි, ඔයා මේ සයිට් එකකට ගියොත් ඔයා මැරෙණකන්ම උන් එක්කම ගණුදෙනු කරන්න වෙන එකයි. මොකද මේ සයිට් එකකට ගියගමන් ඔයාගෙ හැමදේම වගේ පාලනය කරන්නෙ උන්. අන්තිම සිදුවීම වගේම මේ සයිට්ස් ගැන කියන කථා 100%ක් ඇත්ත කියල වා්ර්ථා වුනේ 2006ය අවුරුද්දෙ. ඊට කලිනුත් මේ සයිට්ස් වලට නොදැනුවත් කමින් ඇතුල්වුන කීප දෙනෙක් හිටියත් ගොඩක් අය ටික දවසකට පස්සෙ සියදිවි හානි කරගෙන තියනවා. ප්‍රධාන වශයෙන් මේ Red Rooms වල වෙන්නෙ මිනිස්සුන්ව මරන එක. නිකන්නෙමෙයි. අමානුෂික විදියට දස වද දීල.වද දෙන්න ඕනි විදිය තීරණය කරන්නෙ අපියි.අපි කියන විදියට තමයි මිනිස්සුන්ව මරන්නෙ... 2006යේ සිද්ධිය වාර්ථා වුෙනේ මෙහෙමයි.... එක පුද්ගයෙක් මොකක් හරි දේකට Tor එක යොදගෙන තහනම් කරපු සයිට්ස් කීපයකට යනවා.ඒ කෙනා කියල තියන විදියට සාමාන්‍ය චයිල්ඩ් පෝර්න් වීඩියෝස් බලන්න තමයි ගිහින් තියෙන්නෙ.මේ සිදුවීමට කලිනුත් පොර මේ දේ කරල තියනව.

ඒත් මේ සිදුවීම වුන දවසෙ මේ කෙනා දිගින් දිගටම එන සයිට්ස් බලාගෙන යනකොට එක පේජ් එකක මුලින් ලින්ක් එකක් දැක්කලු Watchme .html කියල. ඒක ක්ලික් කලාට පස්සෙ හිස් පිටුවකට තමා ගිහින් තියෙන්නෙ. කිසි දෙයක් නැති නිසා බෑක්වර්ඩ් බට්න් එක ක්ලික් කලාම තමන්ගෙ පර්ෂණකයේ තිබ්බ තමන්ගෙ පෙම්වතියගේ නිරුවත් ඡායාරූප කීපයක් එක පාරට ඒ සයිට් එකට ඇවිත්.

හැම ෆොටෝ එකක්ම යටින්ම Go Forword කියල කමාන්ඩ් එකක් තමයි තිබිල තියෙන්නෙ. ඒක ක්ලික් කලහම යම්කිසි සයිට් එකකට ගිහින් තියනවා. ඒ මේ කියන Red Rooms වර්ගයේ වෙබ් සයිට් එකක්. ඒ සයිට් එකේ තිබුන ෆොටෝස් දැකල කලන්ත ගතියක් දැනෙන්න ගත්තා කියල තමයි ඔහු කියන්නෙ. ගොඩක් ෆොටෝස් මිනිස්සුන්ට වද දෙන ඒවයි මලසිරුරු එක්ක ලිංගිකව හැසිරෙන ඒවයිලු. එක පාරටම චැට් බොක්ස් එකක් ඕපන් වෙලා එකේ "කොහොමද සයිට් එක" කියල මැසේජ් එකක් තිබ්බලු. මේ කෙනා වහාම "මේක මහ විකාරයක් පිස්සුවක් මං දැන්ම පොලිසියට කොල් කරනව" කියල රිප්ලයි කලාලු. ඊට පස්සෙ ආව මැසේජ් එක දැකල ඒ වෙලාවෙම තමන්ගෙ ලැප්ටොප් එක පොලේ ගැහුවලු. ඒ මැසේජ් එක තමයි "මේ පුද්ගලයාගේ ip ඇඩ්‍රස් එක, වෙබ් කැම් එකෙන් ගත්ත මේ පුද්ගලයාගේ ස්නැප්ෂොට් එකක් සහ මේ පුද්ගලයාගේ නිවසේ ලිපිනය". වහාම පොලිසියට දැනුම් දුන්නත් සති කීපයක් යනකන් මේ සම්බන්දව කිසි දෙයක් පොලිසියට හොයාගන්න බැරි වෙලා තියනවා. මේ සිදුවීම නිසා නිවස කීපයට ඔහුට මාරුවීමට සුදුවෙලා තිබෙනවා.ඒ මොනව වුනත් ඒ වෙලාවේ ඇතුවුන කම්පන නිසාවෙන් සිදුවීමට මාස 2කට පසුව මේ පුද්ගලයාත් සියදිවි හානිකරගෙන තියෙනවා.


Hansaka Udana (ලිපියෙහි සියලු හිමිකම් මා සතුය. උපුටා ගැනීම් මාගේ අවසරය මත සිදු විය යුතුය.)

Post a Comment

0 Comments